ගෝඨාභයට අධිචෝදනා ගොනු වෙයි
- RSL
- August 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa
- 0 Comments
මහා පරිමාණ බරපතළ මූල්‍ය වංචා විභාග කිරීම සඳහා කොළඹ අලුත්කඩේ ස්ථාපිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන දෙවන නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සත් දෙනකුට එරෙහිව පසුගියදා (24) අධිචෝදනා ගොනු කෙරිණි.
ඒ අනුව රජයේ මුදල් රුපියල් මිලියන 91ක් අවභාවිත කරමින් තංගල්ල, මැදමුලන, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති එල්. ප්‍රසාද් සිල්වා, එහි සාමාන්‍යාධිකාරි ඩී. උදුලාවතී කමලදාස, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනාධීර යන අයට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කරනු ලැබීය.

