තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි
- RSL
- August 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
නව දේශපාලන පක්ෂයක් බිහිකරමින් යළි දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ(02) කඩුවෙල පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ.
දේශාපාලන හැල හැප්පිලි හේතුවෙන් පසුගිය කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් සිටි බවත් නැවත ක්‍රියාකාරි දේශපාලනය ආරම්භ කරන වැඩපිළිවෙලක් ආරම්භ කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් එම දේශපාන ව්‍යාපාරය හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධණ මහතාගේ හා ඩි.එස් සේනානායක මහතගේ ප්‍රතිපත්තීන් එකතුවු දේශපාන ව්‍යාපරයක් බව එතුමා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින පැරණි දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුබවත් නව දේශපාන සංස්කෘතියක් සකස් කළ යුතු බව හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

