වර්ජනයෙන් තැපැල් සේවකයින්ට ජුනි මස වැටුප අහිමිවන ලකුණු
- RSL
- June 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Postal Service
- 0 Comments
දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත් තැපැල්පතිවරයා විසින් තවදුරටත් දැනුම් දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, සමස්ත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් තැපැල්පතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව ද එහි සඳහන් වෙයි.

