වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ
- RSL
- May 2, 2018
- උණුසුම් පුවත්, විමර්ශන
- 0 Comments
වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බව බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කරති.
මේ ගැන කළ විමසීමකදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලැබීමට තරම් රෝගයක් නොමැති මේ දෙදෙනා රෝහලේ රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවයි.
-ලංකාදීප-
ජායාරූප උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

