හතරවන කැබිනට්ටුවට විද්‍යාත්මකව පත්කළ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

Spread the love

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව පත්කළ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද(02) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි.

රාජ්‍ය අමාත්‍යවරුන්

පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ

දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

ඒ.එල්.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

මොහොන් ලාල් ගේ‍්‍රරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

චම්පිකා පේ‍්‍රමදාස – වැවිලි කර්මාන්ත

ලක්‍ෂමන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය

ශ‍්‍රියානි විජේවික‍්‍රම – ක‍්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන

නියෝජ්‍ය අමාත්‍යවරුන්

අමීර් අලි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ

රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීම

කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය

සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ

පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන

මනුෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා

මුත්තු ශිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

සයිඞ් අලි සහීර් මවුලානා – ජාතික සහජීවනය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා

එච්.එම්.එම්. හාරිස් – මහජන ව්‍යාවසාය සහ මහනුවර සංවර්ධන

RSL

Related Posts