ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය තහනම දින නියමයක් නොමැතිව ඉදිරියටම ක්‍රියාත්මකයි
- RSL
- March 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Facebook, social media
- 0 Comments
ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක් පැවැසීය.
එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
-දිවයින-

