රහත් රඟ කෙළි පරදා සිරිධම්ම වැඳ වැටෙයි

Spread the love

පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ.

යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව හමුවේ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.

මල්වතු පාර්ශ්වයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළැයි චෝදනා මත ඒ හිමියන් මල්වතු පාර්ශ්වයෙන් ඉවත් කිරීමට කාරක සංඝ සභාව අදහස් කරගෙන සිටි අතර සිරිධම්ම හිමියන් වාචිකව පමණක් සමාව ඉල්ලා මදි බැවින් එය ලිඛිතව ද සිදු කිරීමෙන් පසු අදාළ සමාව හිමිවිය.

මල්වතු මහ නාහිමියෝ එහිදී පවසා සිටියේ පළමු හා දෙවැනි වතාවේ සමාව දුන්නද තෙවැනි වර කිසිදු සමාවක් නොදෙන බවයි. එසේම පැවිදි ජිවිතය සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා ලබාගන්නා ලෙසත් සිරිධම්ම හිමියන්ගේ ඉදිරි කටයුතු හා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවීමට ආශිර්වාද කරන බවත් මල්වතු මහ නායක හිමියෝ පවසා සිටියහ.

සමන්ත භද්‍ර වූ බුදුන් වහන්සේගේ දහම
රිසි පරිදි වෙනස් කොට භාවිතා කරමින්
සැබෑ බුදු දහම යටපත් කරන්නට ක්‍රියා කරන
සමන්ත හිමිගේ රහත් බව ව්‍යාජයක් බව
අද කිසිවෙකුටත් රහසක් නොවේ.
ඔහු රහතෙක් යැයි කියන කිසිවෙක්
අද අපට දකින්නට නැත.
ඔහුගේ දහමට අනුව හැසිරෙද්දී ලැබෙන
නන්නත්තාර නිදහසට කැමති පිරිසක්
ඔහු අවට හැසිරෙනවා පමණි.

මෝහය නිවන ලෙස සිතන ඔහුගේ ‘මෝහය’
පසු ගිය දිනක දරාගත නොහැකි ලෙස බලවත් වී
සීමාව ඉක්මවා ගොස් “ඇණ ගත්තේය”.
මේ ආකාරයට දණ බිම ඇණුනේ ඒ නිසාය.

RSL

Related Posts