විශ්‍රාම ලැබු ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි

Spread the love

විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් මෙලෙස කැඳවීමට බලාපොරොත්තු වෙයි.

තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට කැමති නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉහත කාණ්ඩවල සේවකයින්ට තමන් අවසන් වරට සේවය කළ රාජකාරී ස්ථානයට සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යාංශය නිවේදනය කරයි.

RSL

Related Posts