දිනේෂ් ගුණවර්ධනගේ මිලියන 3000 ක මුදල් වංචාවක් හසුවෙයි!
- RSL
- July 11, 2017
- පුවත් සහ වාර්තා
- Dinesh Gunawardane, news, reports
- 0 Comments
පසුගිය රාජපක්ෂ රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන්කර තිබූ අතර එම මුදලින් මිලියන 3000 ක අක්‍රමිකතාවක් සිදුවූ බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම රුපියල් මිලියන 3000 ක වංචාවට අදාළව එවක ජලසම්පාදන සහ ජලප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය.
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ බව කියන මෙම රුපියල් මිලියන 3000 ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඊයේ (10) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.