කුප්‍රකට ගෝඨා තමාගේ පැවැත්ම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානීන් පාවාදීම නිල වශයෙන් අරඹයි (Exclusive)

Spread the love

පැවති රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට නම් දරා සිටින කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ තම ඉදිරි දේශපාලන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, එවක තම අණ ක්‍රියාත්මක කළ හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් අමු අමුවේ පාවාදීම සඳහා ඊයේ (10) සිට නිල වශයෙන් ආරම්භ කොට ඇත.

ඒ අනුව හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (10) දිව්රුම් පෙත්සමකට අත්සන් තැබීය.

හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් උදය පෙරේරා, මේජර් ජෙනරාල් හතුරුසිංහ, හිටපු ආරක්ෂක අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහත්වරුන්ට එරෙහිව සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිව්රුම් පෙත්සමට අත්සන් තබා තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී අධිආරක්ෂිත කලාපයේ පිහිටි කන්කසන්තුරේ සිමෙන්ති කම්හලින් රුපියල් කෝටි ගණනක යකඩ කපා පිටකිරීමේ මහා පරිමාණයේ වංචාවක් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශනයක් සිදු කරගෙන යනු ලැබේ. ඊට අදාළ වගඋත්තරකරුවන් ලෙස හමුදා නිලධාරීන් සහ සිවිල් නිලධාරියකු කොමිසම විසින් ‍නම් කර තිබේ.

මෙම යකඩ තොගය කපා ඉවත් කරන ලෙසට රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවත් එම උපදෙස් පිළිබඳ තමා ලිඛිත සටහනක් තබා තිබෙන බව හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවට ප්‍රකාශ කර තිබේ.

RSL

Related Posts