ලෝකය පුරා දැනට විසිරී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් සියලුදෙනා මෙරටට කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 04 සහ 05 දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික තානාපතිවරු 63 දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන අතර දැනට පුරප්පාඩු වී තිබෙන තානාපතිධුර 07ක් සඳහා සුදුසු අය පත් කිරීමටද නියමිතව තිබේ.
එම සාකච්ඡාවේදී රටට අවශ්‍ය නව විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමටද නියමිතය. එසේම දැනට අකාර්යක්ෂම ලෙස රාජකාරිවල නිරත තානාපතිවරු කිහිපදෙනෙක් ඉවත් කිරීමටද විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (25) මාධ්‍යයට පැවැසීය.
මේ අනුව යුරෝපයේ සිටින තානාපතිවරු කිහිපදෙනෙකු ඉවත් කර ආසියාවට නව තානාපතිවරු කිහිපදෙනෙක් පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
අමාත්‍යවරයා මේ අදහස් පැවැසුවේ ඊයේ (25) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.