ෆීල්ඩ්මාෂල්ගේ ඇමතිකමයි; මන්ත්‍රීකමයි දෙකම කොටඋඩ!
- RSL
- May 17, 2017
- පුවත් සහ වාර්තා
- field-marshall-sarath-fonseka, news, reports, sarath fonseka
- 0 Comments
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි.
අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වගඋත්තරකරුවන් ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 12 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු නොවන සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීතියට පටහැණි බව පෙත්සම්කරු විසින් පෙන්වාදී ඇත.
එම නිසා අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.