ජනපති නියමයෙන් අළුතින් අධි-ආරක්ෂිත කලාපයක්!
- RSL
- May 23, 2016
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ජල ගැලීම් හා නායයෑම් මගින් අනතුරට පත් ප්‍රදේශ සියල්ල අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ. එම ප්‍රදේශවල ජනයාගේ ජීවිත, දේපළ ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
එසේම අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පහත්බිම් ගොඩ කිරීමද ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබේ. මේ අනුව දැනට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමත්, අපජලය කළමනාකරණයත් සිදුවනු ඇති.