ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට මෑත ඉතිහාසයේ බිහි වඩාත් වූ සංවිධානාත්මකම දේශපාලන ව්‍යාපාරයයි. එම දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස පුද්ගලවාදයට එරෙහි වූ එකක් විය. ඔවුහු පුද්ගලවාදය කර පින්නාගත් දේශපාලනයෙන් වියුක්ත වූ අතර මනාප දේශපාලනයටද විරුද්ධ වූහ. පෙර සිටි නායකයාට හෝ කිසිදු විශේෂ සැලකිල්ලක්, වරප්‍රසාද හෝ නමස්කාර කිරීමක් සිදු නොකළහ. එහෙත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් ඔහුගෙන් පසු නායකත්වයට පැමිණි සෝමවංශ අමරසිංහත් පසුකොට පක්ෂයේ පුනර්ජීවයක් ඇතිකිරීමට නායකත්වයට ගෙන ආ අනුර කුමාර දිසානායක සියල්ල උඩු යටිකුරු කරමින් සිටී.
පසුගියදා ‘ඉරිදා දිවයින’ පුවත්පතේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සංචාරය ගැන සුවිශේෂී ලිපියක් පළ වුණි. එම ලිපිය පළවීමත් සමඟම එහෙත් අනුරගේ අයර්ලන්ත සංචාරය ගැන කිසිවක් නොදත් කිසිවක් හෙළි නොකළ ජවිපෙ විශේෂ මාධ්‍ය හමුවක් පවත්මින් කියා සිටියේ, ‘ඉරිදා දිවයින’ තමන්ට සහ තම පක්ෂයට මඩ ගසා ඇති බවයි. ඒ වෙනුවෙන් අනුර කුමාර ප්රමුඛ ජවිපෙ සිදුකළේ ‘ඉරිදා දිවයින’ පුවත්පතේ කර්තෘවරුන් මඩ ගැසීමත්, පක්ෂයේ පහළ සාමාජිකයින් දහඩිය මහන්සියෙන් උපයා පක්ෂ අරමුදලට බැර කළ අරමුදල්වලින් තම මඩ සෝදා ගැනීමට දිවයිනට එරෙහිව මඩ පෝස්ටර් ගැසීමත්ය. එපමණකින්ද නොනැවතී ඔවුන් මානව හිමිකම් කොමිසමටද පැමිණි කළේ ය.
මෑත ඉතිහාසය තුළ දේශපාලන කරුණකටවත් ජවිපෙ මෙතරම් යුහුසුළුව පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළේ නැත. එහෙත් අනුර කුමාර දිසානායක තම පැරණි පෙම්වතිය හමුවීමටත්, පුද්ගලික සන්තර්පනයන් වෙනුවෙනුත් ගියායැ’යි කියන සංචාරයක් ගැන ඔවුන් උනන්දු වූ තරමින්ම සැක මතුකරයි.
මෙහිදී ඔහු අනුර කුමාර ගමන් ගත් මාර්ගයත් රැදී සිටි අති සුඛෝපභෝගී හෝටල් පිළිබඳවත් සඳහන් කර සිටී. අනුර කුමාර තම පැරණි පෙම්වතිය හෝ අලුත් පෙම්වතියන් සමඟ කුමන කටයුත්තක ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් නියැලුනද අපට කම් නැත. එය ඔහුගේ පෞද්ගලිකත්වයයි. එහෙත් රටේ අනෙකුත් දේශපාලන නායකයින්ගේ විනය සහ සදාචාරයන් ගැන ප්‍රශ්න කරන, සමාජවාදී නිර්දන පන්තිය වෙනුවෙන් පෙනී සිටින තම පක්ෂයේ අසරණ දුප්පත් පක්ෂ සාමාජිකයින්ගේ මුදල්වලින් මෙවැනි දේ සිදුකිරීම නම් නින්දිතය. මේ නිසා අනුර කුමාර හොඳින් දන්නා ඔහුගේ සහෝදරයෙකු අනුර කුමාරගේ අයර්ලන්ත සංචාරය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි සහිත වාර්තාවක් මුදා හැර ඇත.
[youtube FI4MGKd1vSA]