අයියෝ සජිත්!
- RSL
- April 22, 2016
- දේශපාලන, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
සජිත් ප්‍රේමදාස ඇමැති තනතුරු ලබා ගැනීමේ දී සිය පියා වන ආර්. ප්‍රේමදාස වැඩ පෙන්වූ නිවාස අමාත්‍යංශය ම ලබාගත්තේ ය. ඒ පියාගේ ලකුණු ටික නැවත නැවත මතු කරමින් තමන්ට ලකුණු දමාගැනීමට ය. දක්ෂයෙක් නම් ඔහු කළ යුතු ව තිබුණේ, වෙනත් අමාත්‍යංශයක් බාරගෙන තම ශක්‍යතාව පෙන්වීම ය. නමුත්, සජිත් තවමත් උඩ දමන්නේ යල්පැන ගිය ගම්උදාව උඩ දැමීම ය.
මහින්ද රාජපක්ෂ නමින් ගමක් නම් කරන බව කියමින් සජිත් පසුගිය දා පුවතක් මැව්වේ ය. ප්‍රමාණයෙන් විශාල වැසිකිලියක් හැදුවත් තම නම ගසා ගත් මහින්ද රාජපක්ෂගේ නමින් තව දේවල් අවශ්‍ය වෙන්නේ නැත. සජිත් කළ යුත්තේ, නිර්මාණශීලි යමක් කරමින් ජනතාව වෙනුවෙන් යමක් කිරීම මිස මෙවැනි විහිලු ජනතාවට සැපයීම නොවේ. ගම්උදාව වැනි 1980 දශකයේ සංකල්පයකින් ඉදිරියට ගොස් වර්තමාන සන්දර්භය නිවැරදිව කියවාගනිමින් ජනතාවට සිය අමාත්‍යංශය මගින් යමක් කිරීමට උත්සාහ කරන්නට සජිත් වෙත මොළයක් පෑදේද කියා අපි නොදනිමු.
දිගට මෙවැනි විහිලු සැපයීම නම් සිදුවන්නේ, ඔහු ජනතාව ඉදිරියේ විහිලුවක් වීම මිස අනෙකක් නොවේ.
