SAITM අහෝසි කරන්නැ යි ඉල්ලා සිසු ගඟක් ඉදිරියට!
- RSL
- March 16, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka education
- 0 Comments
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැ යි ඉල්ලා ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත වූ ශිෂ්‍ය පෙළපාලියක් මේ වන විට කොළඹට ඇදෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කළේ ය. මේ වන විට බේස්ලයින් පාර හරහා ඔවුන් කොළඹට ඇතුල්වෙමින් සිටින බව ඔහු පවසයි.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව බොහෝ උද්ගෝෂණ පැන නැගුණු අතර මේ වන තෙක් එය නිමක් ව ඇත්තේ නැත. මෙකී උද්ගෝෂණ කෙරෙහි පාලකයන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ද ප්‍රකට වෙයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ලේලියක මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උගන්නා බැවින් ඊට පක්ෂව කටයුතු කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.
