විමලසිරිලාට විරුද්ධව කටයුතු ප්‍රමාද ඇයි?
- RSL
- March 12, 2016
- Uncategorized
- Sri Lanka Law
- 0 Comments
විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලේකම් පී.එච්. විමලසිරි යන අයට විරුද්ධව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් දිනපොත් මුද්‍රණය කිරීමක් පිළිබඳ චෝදනා එල්ල වූයේ ටික දවසකට කලිනි. රුපියල් මිලියින 14ක් හෙවත් ලක්ෂ 140ක් මේ හරහා ජනතා මුදල් අවභාවිත කරන ලද බව කියැවේ.
මෙයට අදාළ ලිපිගොනුවත් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යවා ඇතැයි ආරංචි මාර්ග හෙළි කරයි. එහෙත් මේ ගැන ගන්නා ලද ඉදිරි පියවරක් ගැන නම් වාර්තා වන්නේ නැත. ටික කලෙක සිට විමල් තම කර්ණ කඨෝර කථා වල දී අගමැතිවරයා වෙත එල්ල කරන පහරවල් අත්හැර දමා ඇති බවක් ද පෙනෙන්නට තිබේ.
අපි බලා සිටිමු!
