කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තමාට එරෙහි ව පවරා ඇති නඩු තුනකට වරද පිළිගැනීමට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා කැමැත්ත පළ කර ඇතැ යි වාර්තා වේ. මෙම නඩු තුන කෙටි කලකින් අවසන් කර ගැනීම වෙනුවෙන් ඔහු එම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇතැ යි දැනගන්නට ඇත.
2011 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් හෙළි නොකළ බවට පවරා ඇති නඩු තුනක් සම්බන්ධයෙනුයි දුමින්ද සිල්වා මේ වරද පිළිගැනීමට තීරණය කර ඇත්තේ. ඒ බව ඔහු සිය නීතිඥයා මගින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයෙ දන්වා තිබේ.
Loading...