බරපතළ දූෂණ සහ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතයන් දෙකක් පැතිර යමින් තිබේ.
බේරුම්කරණ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මිලියන ගණනක් ගසා කෑවෙකු සහ රටේ සහල් අතිරික්තයක් තිබිය දී පිටරටින් සහල මෙට්‍රික් ටොන් දහස් ගණනක් ගෙන් වූ අයෙකු මේ සඳහා මැදිහත්ව ඇත්තේ ඔවුනට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට කිරීමට සූදානම් වූ නිසා ඔවුන්ගේ බලපෑම මත කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ඉවත් කළ බවට එක් පසෙකින් ආරංචි පැතිර යයි.
දූෂණයෙන් විභූෂිත බැසිල් රාජපක්ෂගේ මහා පරිමාණ වංචාවලට අදාළ ව ඇති ලිපි ගොනු කිහිපයක් අස්ථානගත කිරීම හේතුවෙන් ලේකම්වරයා ඉවත් කරන ලද බව පැතිර යන අනෙක් කතාව යි.
කෙසේ වෙතත්, ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ලේකම්වරයා ඉවත් කිරීමක් සිදු නොකළ අතර ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකර සිටීම පමණක් සිදු කළ බව යි.
ගින්නක් නැති ව දුමක් නගින්නේ නැත. ජනපතිවරයා මේ සම්බන්ධ ඇත්ත නැත්ත රටට හෙළි කර ඔහුගේ යථාවාදී තථාකාරී ගුණයක් ඇත්නම් පෙන්නා ලිය යුතු ය.