මහාමාර්ගයේ කන්දොස්කිරියාවට වැට බැඳෙයි!
- RSL
- February 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
අධික ශබ්ධයෙන් යුත් වාහන නලා මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය වැලැක්වීමට හෙට දින (පෙබරවාරි 19) මධ්‍යම පරිසර අධිකාරිය මගින් වැටලීම් සිදු කරන බව වාර්තා වෙයි. ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන අනුව වන හඬ සීමාවන් උල්ලංඝනය කෙරෙන වාහන ඒ අනුව වැටලීමට ලක් වෙයි.
මෙම වැටලීම් සිදු කිරීම අතිශයින් වැදගත් කටයුත්තකි. මෙරට රිය පදවන බොහෝ දෙනෙක් වැඩියෙන් ම භාවිත කරන වාහනයේ ඇති උපාංගය නලාව බව සැකයක් නැත. කිසිදු විදිහකින් ඉදිරියට යාමට නොහැකි වාහන තදබදයක දී පවා ඉතා ම අශිෂ්ට ලෙස නොකඩවා නලාව නාද කරන බස් රියදුරන් කොළඹ නගරයේ ශබ්ද දූෂණය ඉතා වැඩි කරති. කොළඹින් පිට වෙනත් නගර ගැන කතා කරලා ම වැඩක් නැත. රිය පැදවීම යනු මේ කාලයේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් තුළ කාලය ගත කරනවා වැනි අත්දැකීමකි. අපගේ අදහස නම් බස් රිය තුළ අතිශය පහත් ගීත සහ වීඩියෝ ප්‍රදර්ශනය කරමින් කරන මහජන පීඩාවද වැටලීමට ලක් කළ යුතු බව යි.
