යහපාලනේට විරුද්ධව පොල් ලක්ෂයක් ගසන බවට සතියකට උඩ දී එකවරම බයි නායකතුමෙකුට කියවුනේ පෙර පුරුද්දටය. ඒ කාලේ ( අවුරුදු එකහමාරකට කලින් බං….) සීයේ දාහේ කතා තිබුනේ නැත. සේරම ලක්ෂයෙන් උඩ කතාය. මිලියන්ය. බිලියන්ය.
ඇත්තටම ඒ කාලයේ නම් පොල් දස ලක්ෂයක් වුව ගහන්නට දවස් දෙකෙන් ඕගනයිස් කරගත හැකිව තිබුණි. එක ෆැක්ස් එකකින් සියළු ජ.න.ව.ස.ම වතුවල පොල්,කලටි, කුරුවල් සියල්ල පසුදා පහන් වන විට නීත්‍යානුකූලව ලෙලි ගැසී සීනිගමය. පාන්දර 5 වන විට සී.ටී.බී බස් ඒවා ගසන්නට එන ඇම්බැට්ටයින්ගේ ගේ දොරකඩය. උන්ට දෙන බත් පාර්සලය සහ අරක්කු කාල උදේ 8 වන විට රෙඩිය. කලින්දා හවස ඉඳන් කපුටන්ගේ පවා ඇට මිරිකමින් පී.එස්.ඩී ය දේවාලේ ගාඩ් පිටය. පළමු පොලේ ගසන්නට එන අප්පච්චිට වඩාගන්න බබෙක් හමාරක්ද රෙඩිය. සියළු ටී.වී චැනල් පාන්දර හතරේ සිට සීනිගමය. ගාළු පාරේ අඩි 50 න් 50 ට පොලිස් ගාඩ්ය. සියළු ලයිට් කණුවල කටවුට්ය. බැනර්ය.
ලක්ෂයේ කතාව කියවුනේ ඒ පුරුද්දටය. ඒත් අන්තිමට ඉන් 100 න් 1 ක් වත් ගසා නැත. ඒ මදිවට හොරපොල් කැඩුවා කියා නරක නාමයක්ද, නඩේ ගුරාගේ පොකැට් එක දේවාලේදීම විද්ද බවට හද්ද කුජීත නිවුස් එකක්ද ලැබී ඇත. මට නම් පට්ට සතුටුය.
රිසිසේ මහජන දේපළ උලා කෑ කාලයේ තොපි එකෙකුටවත් දෙවියන් බුදුන් හිටියේ නැත. තොපි ඇදහුවේ සාටකයකි. තොපිට දෙවියන් මතක් වෙන්නේ කෙළවෙනකොටය.
ලොකුම දුක තොපිට හොඳම එකෙන් කෙළවන්නට කොන්ද පණ ඇති ආණ්ඩුවක් නැති එකය.
Chami Sam
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)