තරඟ නීති රීති උල්ලංඝනය කලා යැයි චන්දිමාල්ට දඩ

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  දිනේෂ් චන්දිමාල්ට දඩ නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ පාකිස්ථානය සමඟ පසුගියදා පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයේදි තරඟ නීති රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පාකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් පසුගිය සිකුරාදා පැවැත්වුනු අතර, එහිදී පාකිස්ථානය කඩුලු 5ක ජයක් වාර්තා කළේය.

එම තරඟයේදි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහු පන්දු 44කදී හතරේ පහර 6ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 කි.

අයිසාස් ශීමා යැවු තරඟයේ 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී දිනේෂ් චන්දිමාල් කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී ගිය බවට විනිසුරු තීරණය කළේය. නමුත් චන්දිමාල් විනිසුරුගේ තීරණය පිළිනොගත් ලෙසට එහිදී හැසිරුණු බවට තරඟ තීරක ඇන්ඩි පේක්‍රොෆ්ට් පවසා තිබේ. එය ක්‍රිකට් නීති උල්ලංඝනය කිරිමක් වන බැවින් චන්දිමාල්ට දඩ නියම කිරිමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව එම තරඟයේදි චන්දිමාල්ට තමාට හිමි මුදලින් 10%ක් දඩ ලෙස සිදුවනු ඇති.

 

RSL

Related Posts