2016- 2017 බැඳුම්කර නිකුතු ගැනත් විමර්ශනයක් ඉල්ලයි

Spread the love

2016 අප්‍රේල් සිට 2017 මාර්තු 31 දක්‌වා කාලය තුළ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට නැවත ජනාධිපති කොමිසමක්‌ පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

කොළඹ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී වසන්ත සමරසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

කොමිසමට බලය දීලා තිබෙන්නේ 2015 පෙබරවාරි සිට 2016 මාර්තු 31 දක්‌වා විමර්ශනය කරන්න. 2016 මාර්තු 31 න් පසුව 2016 සැප්තැම්බර් දක්‌වා මාස හයට රුපියල් මිලියන 6813 ක ලාභ ලබලා තිබෙනවා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින්. නමුත් ප්‍රශ්නය ජනාධිපතිවරයා මේ වාර්තාව ඉදිරිපත් කළාට පසුව අර්ජුන ඇලෝසියස්‌ බය නැතුව ඉන්නවා. හේතුව තමයි පාඩුව ගෙවලා ඉතිරි ටික සාක්‌කුවට දාගන්න. හොරකම් කරලා ආණ්‌ඩුව සමග එකතු වෙලා ලාභය බෙදාගන්න හදනවා. ඇලෝසියස්‌ගේ මාස තිහක ලාභය රුපියල් මිලියන 18225 ක්‌. නමුත් රටට වූ පාඩුව විදිහට කියන්නේ රුපියල් මිලියන 11,500 යි. රුපියල් මිලියන 6725 ක්‌ ඇලෝසියස්‌ට ඉතිරි වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද? ශ්‍රී ලංකා මහ බැංකුව මේ මෙහෙයුමට හරියට මැදිහත් වුණා නම් මේ රුපියල් මිලියන 6500 ත් අහුවෙනවා.

RSL

Related Posts