හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රමයක්

Spread the love

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ දක්ෂිණ සංවර්ධන අධිකාරිය මගින් වෙන් කරනු ලබ ප්‍රත්පාදන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 2011 සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 60 ක් වන අතර එක් නිවසක් සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය වෙන් කරන මුදල රු. එක් ලක්ෂ පනස් දහසකි. මේ වසර අවසන් වන විට නිවාස 400 ක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් කොට්ඨාසවල වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතියට අදාල වන්නන් නීත්‍යනුකූල අයිතියක් සහිත පර්චස් 10 ක ඉඩමක් හිමි අයකු විය යුතුයි. මෙම වැඩසටහන සඳහා අඩු ආදායම්ලාභීන් තෝරා ගන්නා අතර එහි දී වහල සඳහා පොල් අතු සෙවිලි කරන ලද මැටි බිත්ති හෝ ටකරන්වලින් ආවරණය කරන ලද නිවාස හිමිකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

 

RSL

Related Posts