ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ස්පාඤ්ඤ විදේශ කටයුතු, යුරෝපා සංගමය සහ සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් බුඑනෝ බදාදා නවදිල්ලියට පැමිණෙනු ඇත.

සිය ඉන්දීය සංචාරය තුළ ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා කරනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය ද්විපාර්ශ්වික වෙළඳාම, ආරක්ෂක, විද්‍යාව සහ තාක්‍ෂණය, නවෝත්පාදන, දේශගුණය සහ සංස්කෘතික අංශ ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල සබඳතා සමාලෝචනය කිරීමට අවස්ථාවක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම වසරේ පෙබරවාරි 22 වන දින ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය හෝසේ මැනුවෙල් ඇල්බරේස් ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ යුරෝපා සංගම් අමාත්‍ය සංසදයේ දී හමුවී ඇත.

2017 දී අගමැති නරේන්ද්‍ර මෝදි ස්පාඤ්ඤයේ සංචාරය කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතාවලට නව ජවයක් ඇති විය.ඉන්දියාව සහ ස්පාඤ්ඤය සමීප සහ මිත්‍ර සබඳතා පවත්වයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වල පුළුල් පරාසය සමාලෝචන කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි. ඉන්දියාවේදී ඔහුව පිළිගැනීමට බලාපොරොත්තු වන්න යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ

2020-21 ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 4.7 ක් වූ අතර ඉන්දියාවෙන් ස්පාඤ්ඤයට අපනයනය ඩොලර් බිලියන 3.2 ක් සහ ආනයන ඩොලර් බිලියන 1.5 ක් විය.යුරෝපීය සංගමයේ රටක් වන ස්පාඤ්ඤය ඉන්දියාවේ හත්වන විශාලතම වෙළඳ හවුල්කරු ද වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්