බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම පිහිටුවීම සඳහා වන සංදේශයට ඉන්දීය කැබිනට් අනුමැතිය.

Spread the love

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය, තාක්ෂණ හුවමාරු පහසුකමක් පිහිටුවීම සඳහා බිම්ස්ටෙක් සංගමයේ සංදේශයට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුල පිරීම (බිම්ස්ටෙක්) රැස්වීම මෙම වසරේ මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹදී පැවත්වුණි.එහිදි සාමාජික රටවල් විසින් බිම්ස්ටෙක් සංගමයේ සංදේශයට අත්සන් කරන ලදී.

ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනයක අනුව බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකමෙහි ප්‍රධාන අරමුණු වන්නේ තාක්‍ෂණ හුවමාරුව, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ධාරිතාව වර්ධනය කිරීම තුළින් සාමාජික රටවල් අතර තාක්‍ෂණ හුවමාරු සහයෝගීතාව සංවිධානය කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම බවයි.

එම නිවේදනයට අනුව නැනෝ තාක්‍ෂණය,සන්නිවේදන තාක්‍ෂණය,ජෛව තාක්‍ෂණය සහ අභ්‍යවකාශ තාක්‍ෂණය වැනි වැදගත් අංශවල බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර තාක්‍ෂණ හුවමාරුව පහසුකම වැඩි දියුණු කරනු ඇත.

තාක්ෂණ හුවමාරු පහසුකම මගින් ආහාර සැකසුම් තාක්‍ෂණය, ඖෂධ තාක්‍ෂණ ස්වයංක්‍රීයකරණය, නව සහ පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ ස්වයංක්‍රීයකරණය, කෘෂිකාර්මික තාක්‍ෂණය,සාගර විද්‍යාව, විද්‍යුත් අපද්‍රව්‍ය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තාක්‍ෂණය,න්‍යෂ්ටික තාක්‍ෂණ යෙදුම් සෞඛ්‍ය තාක්‍ෂණය, ආපදා අවදානම් අවම කිරීමේ තාක්‍ෂණ සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමේ තාක්‍ෂණවලට ද ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

තාක්ෂණ හුවමාරු පහසුකම හට පාලක මණ්ඩලයක් ඇත. සෑම සාමාජික රාජ්‍යයක්ම පාලක මණ්ඩලයට එක් නාමිකයෙකු පත් කරයි.සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාලක මණ්ඩලයට සම්පූර්ණ බලය හිමිය.

බිම්ස්ටෙක් රටවලට ප්‍රවේශ විය හැකි තාක්‍ෂණ දත්ත සමුදායක් මෙන්ම ප්‍රමිති, ප්‍රතීතනය, තාක්‍ෂණ හුවමාරු කළමනාකරණය,මිනුම් විද්‍යාව, පරීක්‍ෂණ සහ ක්‍රමාංකන පහසුකම් පිළිබඳ හොඳම භාවිතයන් පිළිබඳ දැනුමේ පුස්තකාලයක් සැපයීමට බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම මගින් අපේක්ෂා කෙරේ.

බිම්ස්ටෙක් ජාතීන් අතර තාක්ෂණය හුවමාරු කිරීම හා භාවිතය,සංවර්ධන අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ හොඳම භාවිතයන් සහ ධාරිතා ගොඩනැගීම අනෙකුත් ඉලක්ක වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts