සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව මැතිවරණ කොමිසමටත් චෝදනා..!

Spread the love

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පවා චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකරනු ලබන “සමාජ මාධ්‍ය අවභාවිතය” සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඒකකය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අනාවරණය සිදුකරන ලදී. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන්  per.itssl@gmail.com යන විද්‍යුත් තැපැල්  ලිපිනයට මේ දක්වා ලැබී ඇති වාර්තා කිරීම් පිලිබදව දැනුවත් කිරීමක් සිදුකෙරිණි. මැතිවරණ කාල සීමාව තුල “සමාජ මාධ්‍ය අවභාවිතාව” සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලිවලට අදාළව එම සංගමය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

සමාජ මාධ්‍ය අඩවි අවභාවිතා කිරීම් පිලිබදව පැමිණිලි 507ක් මේ දක්වා ලැබි ඇති අතර ඉන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 234ක් ලැබි ඇති අතර වාර්තා කිරීම් 8ක් ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයන් භාවිතා කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන්ද, වාර්තා කිරීම් 76ක් ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන්ද, වාර්තා කිරීම් 142ක් වෛරී ප්‍රකාශ බෙදාහැරීම සම්බන්ධයෙන්ද, සලකුණු කරන ලද තැපැල් ජන්ද පත්‍රිකා චායාරූප ගතකොට සමජා මාධ්‍ය වෙබ් අඩවි වලට මුදාහැරිම සම්බන්ධව වාර්තා කිරීම් 37ක්, මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වාර්තා වීම් 1ක් සහ ජනාධිපති අපේක්ෂකයෙකුගේ නාමය යොදාගනිමින් නිර්මාණය කරනලද ව්‍යාජ වෙබ් ලිපිනයක් සම්බන්ධයෙන් 1ක් වාර්තා කිරීමක්ද සම්බන්ධයෙන් බන බව හෙළිදරව් කෙරිණි.

මෙම වාර්තා කිරීම් වලට ලබාගන්නා පියවර සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉදිරි දින 11ක කාල පරාසරය තුලදී යහපත් ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කිරීමට කටයුතු කරන්න යැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය දැනුවත් කිරීමට අප සංවිධානය කටයුතු කරන ලදී.

තවද මෙම මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ යම් නිලධාරින් සමාජ මාධ්‍ය අව භාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙන වර්තා කිරීම් පිලිබදව මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරනා ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමට කටයුතු කල අතර වාර්තා කිරීම් කිහිපයක්  සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම අපොහොසත් වීම සහ යම් වාර්තා කිරීම් වලට ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසම මන්දගාමී ස්වභාවයක් ගැනීම පිලිබදවත් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු අවධාරණය කෙරිණි.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්,  
සභාපති,
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

RSL

Related Posts