සමාජජාල මාධ්‍ය මර්දනයට මැකෝ කැස කවන්නේ කාගේ උවමනාවටද..? ITSSL දැඩිව ප්‍රශ්න කරයි

Spread the love

සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ’යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා සිදුකර ඇති ප්‍රකාශය පිටුපස කාගේ හෝ උවමනාව තෘප්ත කිරීමක් සහ භාෂණයේ නිදහස අහිමි කරමින් මාධ්‍ය මර්දනයක් සඳහා වන පිඹුරුපත් සැකසීමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ සම්න්පූර්ණ නිවේදනය මෙසේය.

සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ප්‍රකාශ කොට ඇති බව අද (18) ප්‍රසිද්ධ පුවත්පතක මුල් පිටුවේ සදහන් වී ඇත. මෙසේ සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන එමට මැතිවරණ කොමසාරිස් වැනි ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කටයුතු කිරීම පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය බලවත් විරෝධය පලකරමු. පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට විවිධ මාධ්‍ය හමුවල ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කරන්නට වූ අතර ඒ සදහා මැතිවරණ කොමිසම සතුව කිසිදු නීතිමය බලතලයක් නොමැති බව අප සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ “ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවෙහි” මනාව සදහන් කොට ඇත.

සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරණ නිහඩ කාලය තුල බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් ස්වයංපාලනයකට ලක්ව තිබූ බව අප තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු. තවද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බවත් යම් හෙයිකින් සමාජ මාධ්‍ය ජනාධිපතිවරණ ප්‍රතිපල වලට බලපෑමක් එල්ල වුයේ නම් එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කෙරෙනා බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස වැඩිදුරටත් සදහන් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

RSL

Related Posts