සංචරණ සීමාවන් 28වනදා දක්වාම

Spread the love

අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට 25 සහ 28 එක් අයෙකුට නිවසින් යාමට අවසරයක්

කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව පසුගිය (21) රාත්‍රී 11.00 සිට මැයි 25 වැනිදා අළුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරනවා.

සංචරණ සීමා මේ ආකාරයෙන් දීර්ඝ කළ ද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකි අතර එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබෙනවා.

මේ අතර වෛද්‍ය සංගම් සහ විශේෂඥයින් දිගින් දිගටම අවධාරණය කරනුයේ දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බවයි.

Related Posts