ෂැංග‍්‍රිලා මරාගෙන මැරෙන බෝම්බයේ දළ සැලසුම සොයාගනී

Spread the love

පාස්කු ඉරිදා ප‍්‍රාහාර මාලාවේ සංචාරකයින් විශාල පිරිසකට මරු කැඳවූ ෂැංග‍්‍රිලා ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත රැඳී සිටි පානදුර පරත්ත, ෂෙරිට් මාවතේ නිවසේ තිබී අදාළ මරාගෙන මැරෙන බෝම්බය සැකසීමට යොදා ගත් අමුද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනය පිළිබඳ සැලසුම් සොයා ගත් බව පොලිසීය නිවේදනය කරයි.

සොයා ගත් මෙම ද්‍රව්‍ය අතර බෝම්බයේ දළ සටහනක් ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බෝල තොගයක, බැටරි සහ වයර් ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන ඇති අතර විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස් සහ සිම්පතක් සහ සිම්පතක සැකිල්ලක් සොයා ගැනීමට හැකි වී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ දියතලාව පොලිසීය විසින් දියතලාව ප‍්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී 56 උණ්ඩ 152ක් සහ මි.මී 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 08ක් ද සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති බව දියතලාව පොලිසිය සඳහන් කරයි. සැකරුවන් දියතලාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

RSL

Related Posts