ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර ගිවිසුම් 8ක්

Spread the love

ශී‍්‍ර ලංකාවත් වියට්නාමයත් අතර සබඳතා ශක්තිමත් කරමින් දෙරටටම වාසි ගෙනෙන අවබෝධතා ගිවිසුම් අටකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වියට්නාම් ජනාධිපති ට්‍රොන්ග් ටන් සන්ග් මහත්වරු ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14 ඔක්.) අස්සන් තැබිණ. වියට්නාම් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අස්සන් කෙරුණු මේ ගිවිසුම් දෙරට අතර දේශපාලන, මූල්‍ය, කර්මාන්ත, අධ්‍යාපන, ඛණිජ තෙල්, ආරක්ෂක හා ආයෝජන ප්‍රවර්ධන අංශවල සහයෝගීතාව ඉලක්ක කර ගෙන සැකසී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වියට්නාම් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයෝ මේ අවබෝධතා ගිවිසුම් සඳහා අස්සන් තැබූහ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා වියට්නාම් සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්වි පාර්ශ්වික දේශපාලන උපදේශකත්වයට අදාළ අවබෝධතා ගිවිසුමට අස්සන් තබනු ලැබුවේ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ වියට්නාම නියෝජ්‍ය විදේශ ඇමැති ඩොන් ක්ෂුවාන් හොන්ග් මහත්වරු විසිනි.

දෙරටේ මුදල් අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම අස්සන් තබනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම සහ වියට්නාම මුදල් ඇමැති මහාචාර්ය වොන් ඩින් හුවේ මහත්වරු විසිනි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය හා වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍ර සූත්‍ර හා නිෂ්පාදනයට අදාළ අවබෝධතා ගිවිසුමට කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ වියට්නාම කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලී ඩොන්ග් ක්වොන්ග් මහත්වරු අස්සන් තැබූහ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා වියට්නාමයේ අධ්‍යාපන හා පුහුණු අමාත්‍යාංශය අතර අධ්‍යාපන සහයෝගීතාවය පිළිබඳ එකඟතා ගිවිසුම අස්සන් තැබුවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක සහ වියට්නාම ඬ;යීජ්‍ය විදේශ ඇමැති ඩොන් ක්ෂුවාන් හොන්ග් මහත්වරු විසිනි. ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යාලයත් වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශයත් අතර ඛනිජ තෙල් අංශයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අස්සන් තැබුවේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ වියට්නාම් කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලී ඩොන්ග් ක්වොන්ග් මහත්වරු විසිනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය හා වියට්නාම සමාජවාදී ජනරජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ වියට්නාම ජාතික ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමැති න්ගුයෙන් චින් වින්හ් මහත්වරු අස්සන් තැබූහ.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය හා වියට්නාම සමාජවාදී ජනරජයේ විදේශ ආයෝජන ඒජන්සිය අතර ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධන සහයෝගීතාවට අදාළ ගිවිසුම අස්සන් තැබුවේ ආයෝජන මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සහ වියට්නාම විදේශ ආයෝජන ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් ඩෝ නට් හොන්ග් මහත්වරු විසිනි.

ගෑස් වෙළෙඳාම පිළිබඳ එකඟතාව අස්සන් තැබුවේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.එච්.එස්. ජයවර්ධන මහතා සහ පී. වී තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා හොන් තයි මින්ග් න්ගුයෙට් මහත්මිය විසිනි.

RSL

Related Posts