භාරතගේ ඝාතනයට පොලීසිය වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ ජනාධිපති උපදේශකයකුව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට කො‍ලොන්නාව ප්‍රදේශය භාර පොලිස් නිලධාරියා වගකිවයුතු බවයි.

සිද්ධියවූ ස්ථානයට රිවොල්වර් 12ක්, ටී 56 ගිනි අවි සහ පිස්තෝල 2ක් ලැබීම සම්බන්ධයෙන් කොලොන්නාව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා මාධ්‍ය ඉදිරියට විත් කරුණු දැක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු මන්ත්‍රීවරයෙකුට මෙතරම් විශාල ගිනි අවි ප්‍රමාණයක් ලබාදීමට නියෝග කළේ කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී විමසා සිටියි.

‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු එබව සදහන්කර ඇත.

“මෙම සිද්ධිය ඉතාම බරපතලයි. පක්ෂයේ අලුත් කෙනාද? පරණ කෙනාද? කියන ප්‍රශ්නය නෙවෙයි තියෙන්නේ. කොහෙන් කවුරු තුවක්කු පත්තු කළත් ඒක ඉතාම අශීලාචාර නින්දිත ක්‍රියාවක්” හෙතෙම පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදෙන්නේ “තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්” තිබුණට සුදුසු මිනිසුන් සුදුසු ස්ථානවලට යැවීම ඡන්ද දායකයාගේ වගකීමක් බවත් මැතිවරණවලදී කොහෙන් හරි එන අයගෙ පොදිය භාර නොගෙන ඡන්ද දායකයා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්ය.

RSL

Related Posts