ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක්; ස්විට්සර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක්

Spread the love

යුද ජයග්‍රහණයෙන් පසු වර්තමාන ශ්‍රී ලංකාව බෙහෙවින්ම සුරක්ෂිත රටක් වන හෙයින් වහාම තම මවුරට බලා පිටත් වන්නැයි ස්විට්සර්ලන්ත අධිකරණයක් ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසකට පවසා ඇත.

යළි ශ්‍රී ලංකාවට ගිය පසු තම ජීවිතවලට තරජනයක් එල්ල විය හැකි බවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය යහපත් නොවන බවත් පවසා ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ස්විට්සර්ලන්ත ෆෙඩරල් පරිපාලන අධිකරණය මේ බව ප්‍රකාශ කර ඇත.

අනාගතය ඉතාම යහපත් මට්ටමක තිබෙන ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් තම රටේ සරණාගතභාවය අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර ඇති ෆෙඩරල් අධිකරණය යුද්ධයෙන් පසුව පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් ඕනෑම අයකුට නිදහසේ ජීවත්විය හැකි බවද අවධාරණය කර තිබේ.කෙසේ වෙතත් මෙලෙස තම රටේ සරණාගතභාවය ඉල්ලා සිටින කිසිවකුටත් සරණාගතභාවය ලබාදීම ස්විට්සර්ලන්ත රජය විසින් තහනම් කර ඇත.

RSL

Related Posts