ඩී. ඒ. රාජපක්ෂ 44 වැනි ගුණ සමරුව අද

Spread the love

රුහුණේ දුක් විඳි ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව අදට (7 නොවැ.) යෙදී ඇත.

ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මෙඟ් සුවිශේෂී නැම්මක් සනිටුහන් කළ මේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥායාගේ ගුණ සමරමින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එතුමන්ගේ ආදරණීය පුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර මධ්‍යයේ දී අද සිදු කිරීමට නියමිතය.

ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ට පින් පමුණුවනු වස් පිරිත් දේශනයක් මැදමුලන මහ ගෙදර දී ඊයේ (06 නොවැ.) පැවැත්වුණු අතර මහා සංඝරත්නය විෂයයෙහි දානමය පින්කම අද පැවැත්වේ.

එතුමන් ගේ ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව සිදු කරන සයුර ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලාවේ දී අද පැවැත්වීමට නියමිතය. මෙවර ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු දේ්ශනය පවත්වනු ලබන්නේ හිටපු කතානායකවරයකු මෙන්ම වත්මන් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වන වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසිනි.

ඩී. ඒ. රාජපක්‍ෂයන් සමරනු පිණිස ලේක්හවුස් ආයතනය විසින් මුද්‍රණය කරන ලද ‘මැදමුලන මහ රුක’ විශේෂ සමරු කලාපය එහි සංස්කාරක ගාමිණී ජයලත් මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය.

ඩී. ඒ. රාජපක්‍ෂයන් ගේ ජ්‍යෙෂ්ඨ පුත් චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ දූ දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වෙති.

RSL

Related Posts