වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර

Spread the love

ශ්‍රී ලංකා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අනවසර ඉදිකිරීම්වල අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමටත් රුපියල් 5000 ත් 25000 ත් අතර දඩ නියම කිරීමටත් සංශෝධිත පනත යටතේ හැකිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දඬුවම් නොතකා දිගින් දිගට එම වරද සිදුකරන්නේ නම් එක් දිනකට රුපියල් 1000 ත් 5000 ත් අතර දඬුවම් නියම කළ හැකි බවත් වැලිගොඩ දැමීමට හා ජලාශ්‍රිත ප්‍රදේශ ගොඩ කිරීමට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් විවිධ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සමුද්‍ර ඛාදනය හා සමුද්‍ර දූෂණය වැඩිවී තිබෙන බවත් සඳහන්.

මුහුදු සීමාව ආසන්නයේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට යන වියදම් එම ඉදිකිරීම් අයිතිකරුවන්ගෙන් අයකර ගන්නා බවද වාර්තා වේ.


RSL

Related Posts