ජනපති රාජපක්ෂ ඔස්ට්‍රේලියා අගමැතිනිය හමුවේ

Spread the love

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය ඕනෑම පාර්ශවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26 ඔක්.) ඔස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය පර්ත් නුවර පෑන් පැසිෆික් හෝටලයේදී හමු විය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ වරතමාන තත්වය සම්බන්ධයෙන් ඕනෑම අයකු සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තමා සහ රජය සූදානම් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී හා රාජතාන්ත්‍රික ක්‍රමය එය බවත් අප රටට එරෙහිව එල්ල වී ඇත්තේ දූෂමාන තොරතුරු මත පදනම් වූ අසත්‍ය චෝදනා බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ලංකාවේ ක්‍රියාත්මක අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සහ පුනරුත්ථාපනය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළ අතර, ඉදිරියේ දී ලැබීමට නියමිත එම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

එල්ටීටීඊ සංවිධානයේ ඇතැම් සාමාජිකයන් විදේශ රටවල පදිංචි වී එම රටවල ඡන්ද දායකයන් බවට පත්ව අරමුදල් රැස් කරමින් එම අරමුදල් ශ්‍රී ලංකාවට එරෙහිව පාවිච්චි කරන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක මොවුන් මෙලෙස ක්‍රියාත්මක වන බව ද පෙන්වා දුන්නේය.

සංවර්ධනය හා දුගී බව තුරන් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී නායක දෙපලේ විශේෂ අවධානය යොමු විය. ඊට අදාළ කරුණු රැසක් පිළිබඳව ද නායක දෙපල සාකච්ඡා කළහ.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වූ තවත් වැදගත් කරුණක් විය. මෙම මාතෘකාව තමාට ඉතා සමීප මාතෘකාවක් බව සඳහන් කළ ජනාධිපතිතුමා, දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් වන්නා වූ කරුණු රැසක් පිළිබඳව ද නායකයෝ අවධානය යොමු කළහ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, පා.ම. සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහත්වරු ද එක්වූහ.

RSL

Related Posts