විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි

Spread the love

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය

Related Posts