අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පෝලන්තයේ, ප්‍රංශයේ සහ යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරුන් සමඟ දුරකථනයෙන් සංවාදයක් පැවැත්වීය. එහිදි සතුරුකම් නැවැත්වීමට සහ සංවාදයකට නැවත පැමිණීම සඳහා ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කළේය.

යුක්රේනයෙන් ඉන්දීය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පෝලන්තය ලබා දුන් සහය සහ යුක්රේනයේ සිට පෝලන්තයට යන ඉන්දීය පුරවැසියන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍යතා ලිහිල් කිරීමේ විශේෂ සේවාව පිළිබඳව අගමැති මෝදි පෝලන්ත ජනාධිපති ඇන්ඩ්රේජ් ඩුඩා(Andrzej Duda) වෙත උණුසුම් ස්තූතිය පුද කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පවසයි. .

මෙම දුෂ්කර අවස්ථාවේ පෝලන්ත පුරවැසියන් ඉන්දියානු ජාතිකයන් වෙත ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ පහසුකම් පිළිබඳව ඔහු විශේෂ ප්‍රසාදය පළ කළ බව එහි සඳහන් වේ.

දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍ර සබඳතා ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා 2001 වසරේ ගුජරාට් භූමිකම්පාවෙන් පසු පෝලන්තය ලබා දුන් ආධාර සිහිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

දෙවන ලෝක සංග්‍රාමයේදී පෝලන්ත පවුල් කිහිපයක් සහ තරුණ අනාථ දරුවන් බේරා ගැනීම සඳහා ජම්නගර් මහාරාජා විසින් ඉටු කරන ලද ආදර්ශවත් කාර්යභාරය ද ඔහු සිහිපත් කළේය.

ඉන්දීය පුරවැසියන් ඉවත් කිරීමේ ප්‍රයත්නයන් අධීක්ෂණය කිරීම සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන සහ මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෙනරාල් වීකේ සිං තම විශේෂ නියෝජිතයා ලෙස පෝලන්තයේ ස්ථානගත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ඩුඩාට දැනුම් දුන්නේය.

සතුරුකම් නැවැත්වීම සහ සංවාදයට නැවත පැමිණීම සඳහා ඉන්දියාවේ නිරන්තර ආයාචනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.

ජාතීන්ගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

අගමැති මෝදි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ ද සාකච්ඡා කළ අතර යුක්රේනයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ට අනුව, අගමැති මෝදි සහ ජනාධිපති මැක්‍රොන් යුක්රේනයේ අඛණ්ඩ සතුරුකම් සහ පිරිහෙමින් පවතින මානුෂීය තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ල බෙදා ගත්හ.

සතුරුකම් නැවැත්වීම සහ සංවාදයට සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට නැවත පැමිණීම සඳහා ඉන්දියාවේ නිරන්තර ආයාචනය අගමැති මෝදි නැවත අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ සියලුම රාජ්‍යවල භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට ගරු කිරීම සමකාලීන ලෝක පිළිවෙතට පවතිය යුතු බවට වන ඉන්දියාවේ විශ්වාසය ඔහු අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා සාදරයෙන් පිළිගත් අතර සියලු මිනිසුන්ගේ නිදහස් හා බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය වැදගත්කම අවධාරණය කළ බව එහි සඳහන් වේ.

ගැටුම් පවතින ප්‍රදේශවලින් සිය පුරවැසියන් ඉවත් කිරීමට සහ විපතට පත් ජනතාවට ඖෂධ ඇතුළු හදිසි සහන සැපයුම් යැවීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් පිළිබඳව ද අගමැති මෝදි ජනාධිපති මැක්‍රොන් දැනුවත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුව අඟහරුවාදා අගමැති මෝදි යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සමඟ දුරකථනයෙන් කතා කළේය.

සමකාලීන ගෝලීය පිළිවෙල ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ සියලුම රාජ්‍යවල භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට ගරු කිරීම මත නැංගුරම් ලා ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

විපතට පත් ප්‍රදේශවලට ඖෂධ ඇතුළු හදිසි සහන ද්‍රව්‍ය යැවීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් පිළිබඳව ද අගමැති මෝදි කතා කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්