විදුලි ඒකක මිල පහත හෙළිමට හැකියාවක් නැහැ – ඇමති චම්පික
- RSL
- October 20, 2011
- Uncategorized
- 0 Comments
ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ තාප විදුලිය වැඩියෙන් භාවිත කිරීමට සිදුවීම නිසා විදුලි ඒකක මිල පහත හෙළිමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.
විදුලි ඒකක පිරිවැය වැඩිවන විට එය ආයෝජකයින්ට බලපාන්නේ දැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඔහු පෙන්වා දුන්නේ එවැනි තත්ත්වයක් වැලැක්වීමට නිසි පියවර නොගතහොත් ආයතනය බංකොලොත්වීමේ හැකියාවක් පවතින බවයි.