ලෝක ජනගහනය බිලියන7 යි

Spread the love


ලෝක ජනගහනය බිලියන හතක් (කෝටි 700 ක්) වීම සැමරීම ඊයේ (31 ඔක්.)  සිදුවූ අතර බිලියන හතක ලෝක ජනගහනය එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වෙමින් “අපි එකට ජීවත් වෙමු” යන සංකල්පය මුල්කර ගෙන ලෝකය පුරා සැමරීම් උත්සව රැසක් පැවැත්වීම සිදුවිය.
බිලියන හතක ජනාවාස ලෝකයක ජීවත්වීමේ අර්ථය, එමඟින් බිහිවන අනාගත අභියෝග අවස්ථා හා ලොවේ අනාගතය හැඩගසන ආකාරය යනාදි කරුණු මුල් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. 
මේ ලෝක වැඩසටහන මෙරටට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇත. ගැහැනු දරුවන්ගේ හා කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ දියුණුව වේගවත් කිරීම, මෙරට ඉතිහාසයේ වැඩිම තරුණ ජනගහනය වාර්තා වන මේ මොහොතේ රටේ අනාගතය හැඩගැස්වීමට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම, සෑම ළදරුවකුගේම ආරක්ෂාව හා අවශ්‍යතාව තහවුරු කරමින් කුඩා සහ ශක්තිමත් පවුල් බිහිකර ගැනීම යනාදී යෝජනා ද මේ අතර වේ.
ලෝක ජනගහනය බිලියන හතක් වීමත් සමඟ වැඩිහිටි ජනගහනය ද ඉහළ යාම සිදුවේ. එය ශ්‍රී ලංකාවට ද පොදු කරුණකි. 

RSL

Related Posts