ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක්
- Editor
- November 22, 2022
- Uncategorized
- 0 Comments
ලබන වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඒ අනුව රියදුරෙක් විසින් මහාමාර්ගයේදී යම් වරදක් සිදුකළ හොත් දඩකොළයක් ලබාදීම මෙන්ම ඔහුට හිමි ලකුණු ප්‍රමාණයද අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේ ලකුණු 24 ක් දක්වා ලකුණු කැපුණු පසු නැවතත් අලුත් රියදුරු බලපත්‍රයක් ලබාගත යුතු බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ.

