කඩදාසි මිල පාර්ලිමේන්තුවටත් බලපායි

Spread the love

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය අවම කරගැනීම සඳහා අයවැය පැවැත්වෙන කාලයද ඇතුළුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සියලු වාර්තා මෙලෙස මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම අදාළ වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා.

Related Posts