යුක්රේනයේ අගනුවර වන කියෙව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනයේ වෙසෙන තම පුරවැසියන්ට යුක්රේනය හැර යන ලෙස උපදෙස් දුන්නේය. දිනෙන් දින ආරක්ෂක තත්ත්වය පිරිහීම සහ එදිරිවාදිකම් ඉහළ යාමෙන් පසුව මෙම උපදේශනය නිකුත් විය.

කියෙව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් යුක්රේනය පුරා පවතින නරක අතට හැරෙමින් පවතින ආරක්ෂක තත්ත්වය සහ මෑත කාලීනව උග්‍ර වන සතුරුකම් සැලකිල්ලට ගනිමින්, සිය පුරවැසියන්ට වැඩිදුරටත් උපදෙස් නිකුත් කළේ යුක්රේනයට ගමන් කිරීමෙන් වළකින ලෙස ය.

යුක්රේනයෙහි ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනයේ සිටින සිසුන් ඇතුළු ඉන්දියානු පුරවැසියන්ට පවතින ක්‍රමවලින් හැකි ඉක්මනින් යුක්රේනයෙන් පිටවන ලෙස ඔක්තෝබර් 10 වැනිදා තවත් උපදෙශනයක් නිකුත් කළේය.

අනතුරු ඇඟවීමක් සිදු කරමින් යුක්රේනයට හෝ ඉන් ඇතුළත අනවශ්‍ය ගමන්වලින් ඉවත්ව සිටින ලෙස ඉන්දියානුවන්ට උපදෙස් දී තිබිණ.

කියෙව් සහ අනෙකුත් යුක්‍රේන නගරවල නේවාසික ව්‍යුහයන් මෙන්ම රටේ බලශක්ති යටිතල ව්‍යූහය ඉලක්ක කරගත් රුසියානු ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරවල තීවූර වීමත් සමඟ ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඉන්දියානුවන්ට මෙම උපදෙස් නිකුත් කෙරිණ..

බදාදා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේන ප්‍රදේශ හතරක යුද නීතිය ප්‍රකාශයට පත් කළේය, කෙර්සන් නගරයෙන් නිවැසියන් ඉවත් කරන බවට ද වාර්තා තිබේ.රුසියාව විසින් නතුකරගත් කෙර්සන් නගරයේ ඉදිරි ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබීමෙන් පසු සිවිල් වැසියන් ඉවත් කරමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

යුක්රේනයේ වෙසෙන ඉන්දියානුවන් සංඛ්‍යාව පිළිබඳ නිල තොරතුරක් නොතිබුණද, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සිසුන් සුළු පිරිසක් මෑතකදී නැවත යුක්‍රේනයට පැමිණි බවට වාර්තා තිබේ.

මෙම වාර්තාවලට අනුව, ඉන්දියානුවන් සිය ගණනක් නැවත යුක්රේනයට පැමිණ ඇති බව විශ්වාස කෙරේ, එනමුත් වාර්තාවන අන්දමට ඔවුන්ගෙන් බහුතරයක් ඉන්දීය තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී නොමැත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්