මුම්බායි හි ටාජ් මහල් පැලස් හෝටලයේදී 26/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සිය ගෞරවය දැක්වීය.එමෙන්ම ත්‍රස්තවාදය පරම නපුරක් බව අවධාරණය ඔහු කළේය.

මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය සාධාරණීකරණය කළ හැකි හේතු, කඩතුරාවක්, හේතු සහ දුක්ගැනවිලි නැති බවයි. එයට අද ලෝකයේ ඉඩක් නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2008 නොවැම්බර් 26 වන දින මුම්බායි හි සිදුවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ටාජ් මහල් හෝටලයට ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

ඉතිහාසයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ 166 දෙනෙකුට ජීවිත අහිමි වූ ස්ථානයෙහි සිටීම ගැන තමා දැඩි ලෙස සංවේගයට පත් වන බව ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය. මෙම අවස්ථාවට සහභාගී වු වින්දිතයන්ට, ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ මිතුරන්ට, ඉන්දියාවේ ජනතාවට සහ මුම්බායි හි ජීවිත අහිමි වූ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනාට ඔහු පැවසූයේ මෙමගින් ජීවිත හානී වූවන් මුළු ලෝකයේම වීරයන් වන අතර ඔවුන්ට තමාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියාසිටියේ පෘථිවියේ සෑම ජාතියක්ම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම “ගෝලීය ප්‍රමුඛතාවයක්” බවට පත් කළ යුතු බවයි.

ත්‍රස්තවාදයට එරෙහි තමාගේ පළමු ප්‍රතිසංස්කරණය ගැන මෙනෙහි කරන විට, අදටත් පවතින ත්‍රස්තවාදයට එරෙහි කාර්යාලය පිහිටුවීමට තමා යෝජනා කළ බව ගුටරෙස් සිහිපත් කළේය. ත්‍රස්තවාදී ප්‍රහාර එකවරම වැලැක්වීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි, මාර්ගෝපදේශ සහ පුහුණුව ලබා දීම සඳහා සාමාජික රටවල් සමඟ වැඩ කිරීමේ අරමුණින් මෙම කාර්යාලය පිහිටුවන ලදී යැයි ඔහු වැඩි ද්‍රරටත් පැවසීය.

මෙය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දෙවන ඉන්දීය සංචාරය වන අතර දෙවන ධූර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු පළමු වතාවට මෙම ඉන්දීය සංචාරය සිදු වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්