රටට එරෙහි දුර්මත මැඩලීමට නිවැරදි යාන්ත්‍රණයක් අවශ්‍යයයි – ජනපති
- RSL
- August 21, 2011
- Uncategorized
- President Mahinda Rajapaksa
- 0 Comments
යුරෝපයේ හා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී හමුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන පදනම් විරහිත එල්.ටී.ටී.ඊ ප්‍රචාරණ යාන්ත්රණයට පිළිතුරුදීමට වඩා ඒවා මැඩලීමට නිවැරදි සහ ඵලදායි වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් ඇති බවයි.
ජනාධිපතිවරයා සදහන් කළේ එම ක්‍රියාවලියේදි විදේශයන්හි වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට වැදගත් කාර්යභාරයක් ඉටුකිරිමේ හැකියාව හා වගකීම පවතින බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින දුර්මත දුරුකිරිමට ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම මෙම හමුවේ මුලික අරමුණ බවයි.