සමහර මාධ්‍ය ආයතන ලවා එ.ජා.ප පාක්ෂිකයන් භේද කිරීමේ කුමන්ත්‍රණයක් – මංගල සමරවීර

Spread the love

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (21 අගෝ.)   මාතරදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වන ලදි.

“ජනමාධ්‍ය ආයතන තියෙනව, ආණ්ඩු විරෝධි වෙස්වලාගෙන රජයේ උවමනාවන් ඉටු කරන්නට එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්වරයාගේ උවමනාවන් ඉටු කරන්නට ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව කටයුතු කරන මාධ්‍ය ආයතන ද තියෙනවා.

මේ ආයතන රජය සුළු වශයෙන් තමන් ආණ්ඩු විරෝධී බවට ජනතාවට පෙන්නන්ට විවේචනය කළත් ඇත්ත වශයෙන්ම ඔහු ක්‍රියාතමක කරන්නේ ආණ්ඩුවට පක්ෂ න්‍යාය පත්‍රයක්.

ජනපති දිනපොත කියන වැඩසටහන් දාලා රජයේ හිත දිනාගන්න උත්සාහ කරනවා.  සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේදි ආරක්ෂක ලේකම්වරයා ගෙන්නගෙන එහි ප්‍රධාන අමුත්තා කර ගන්නවා.

අනිත් පැත්තෙන් ආණ්ඩුවේ උවමනාව ඉටු කිරිමට සදහා විපක්ෂය බරපතල ලෙස විවේචනය කරමින් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය භේද භින්න වීමේ වගකීම මෙවැනි මාධ්‍ය ආයතනවලට පවරලා තියෙනවා.

මේ රටේ ප්‍රධානතම තනි දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයින් අධෛර්යමත් කිරිමේ භයානක කුමන්ත්‍රණය මෙම මාධ්‍ය ආයතනය හරහා රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව මම වගකීමකින් පවරන්න කැමතියි.

පසුගිය 18 වෙනිදා මීට දින කිහිපයකට ප්‍රථම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තිස්ස නැමති ග්‍රන්ථය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමාගේ ඒ ග්‍රන්ථය එළිදක්වන අවස්ථාවේදි කරපු ඉතාමත් වටිනා දේශනයේ කොටසක් අල්ලගෙන අද එතුමාට මඩ ප්‍රහාර එල්ල කිරීමේ වෑයමක් අපට දකින්න ලැබෙනවා. වේසි අභිසරුලිය, මේක හොද සිංහල වචනයක් “

RSL

Related Posts