රජයේ පරිසර සැලසුම් ගැන එක්සත් ජාතීන් දැනුවත් කරයි

Spread the love

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේ කාන්තාරකරණය වැළැක්වීමේ හා ඉඩම් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනයේ දුගීබව දුරැලීම පිළිබඳ ව ඊයේ (21) පැවැති හමුවේදී ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීමට සහ කාන්තාරකරණය වැළැක්වීමට රජය ගෙන ඇති දිගුකලීන සැලසුම් පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණි සියලු නියෝජිතයින් දැනුවත් කිරීමට පරිසර අමත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටයුතු කර ඇත.
මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව හරිත ලංකා ජාතික සැලැස්ම යටතේ ඉඩම් හිමියන්ට ඉඩම් සංවර්ධනය කළ හැක්කේ පරිසරයට හානි නොවන අයුරින් බව අමත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.
1981 වනවිට එක් පුද්ගලයකු උදෙසා හෙක්ටයර 0.44ක භූමි ප්‍රමාණයක් පැවැතිය ද මේ වනවිට එය 0.29 දක්වා පහත වැටී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ හේතුවෙන් ම ඉඩම් මෙන් ම ජල සම්පත ඇතුළු අනෙකුත් ක්ෂය විය හැකි සම්පත් පිළිබඳ ව ද  රජයේ අවධානය යොමු කරන බව පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ සියයට 37% ක් පමණ කෘෂි අර්ථිකය මත ජීවත් වේ. මේ හේතුවෙන් කෘෂි කර්මාන්තයට, වනාන්තර, වනජීවි, ජෛව විවිධත්වය ආදී ක්ෂේත්‍ර සඳහා රජය වැඩි අවධනයක් යොමු කර ඇත. රජය වන සංරක්ෂණය පිළිබඳ වැඩි අවධනයක් යොමු කරයි.
”දැයට සෙවණ” වැනි ජාතික තලයේ දැවැන්ත ව්‍යාපෘතියක් වාර්ෂික ව ක්‍රියාත්මක කරන්නේ ඒ නිසායි. මෙහිදී අපි කඳු මුදුන්වල තුරුගොමු ඇතිකර භූමි හායනය වැලැක්වීමට විශේෂ පියවර ගන්නවා. ලංකාවේ මධ්‍ය කඳුකරයේ භූමි හායනය වැළැක්වීම සඳහා වූ විශේෂ ව්‍යාපෘතියට Global Environmental Facility  වෙතින් සහය අපේක්ෂ කරනවා යැයි අමාත්‍යවරයා පවසා තිබේ.

RSL

Related Posts