රජයේ තේ පැන් සංග්‍රහ වලින් දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ – පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Spread the love

උතුර පළාතට දේශපාලන විසඳුමක්‌ ලබා දීම සම්බන්ධව රජය සමඟ පවත්වනු ලබන සාකච්ඡා සම්බන්ධව අදහස්‌ දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ ‘තේ පැන් සංග්‍රහවලින් සහ ප්‍රතිඵල නොලැබෙන සාකච්ඡාවලින් දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවයි.

උතුරට දේශපාලන විසඳුමක්‌ වෙනුවෙන් තම පක්‍ෂය රජය වෙත යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කර ඇති බැවින් රජය ඊට ප්‍රතිචාර දක්‌වා ඉන් පසුව විසඳුමකට ඉදිරියට සාකච්ඡා කළ හැකි බව ද ඔහු කියා සිටියි.

රජය සමඟ කරන සාකච්ඡාවලින් ඉවත් වීමට මෙතෙක්‌ කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ද සාකච්ඡා ඉදිරියට යැම සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ආණ්‌ඩුව බව ද ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියි. ආණ්‌ඩුවත් තම පක්‍ෂයත් අතර කරන සාකච්ඡා තේ පානයට පමණක්‌ සීමා නොවී ප්‍රතිඵලයක්‌ ලැබෙන දෙයක්‌ විය යුතු යෑයි ද හෙතෙම අවධාරණය කරයි.

RSL

Related Posts