යේමනයේ හවුති කැරලිකරුවන් සහ යේමන රජය සමග දැනට පවතින සටන් විරාමය තවත් මාස දෙකකට දීර්ඝ කිරීමට ඇති කරගත් එකඟතාව පිළිබඳ ඉන්දියාව සිය සතුට පළ කොට ඇත.මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එකඟතාව සාදරයෙන් පිළිගෙන ඇත

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසූයේ “මෙම වර්ධනය, පසුගිය මාස දෙක තුළ සටන් විරාමය තුළ යේමනයේ ප්‍රචණ්ඩත්වය අඩුවීම මෙන්ම ගැටුමේ පාර්ශවයන් අතර එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ සාකච්ඡා මේසයට යොමුවීම අගය කරන බවයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ගැටුම අවසන් කිරීමට සහ යේමනය පුරා සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාර්ශවයන් අතර තවදුරටත් දේශපාලන සංවාදයකට වේදිකාවක් සපයනු ඇති බවට ඉන්දියාව බලාපොරොත්තු වන බවයි

යේමනයේ රජය සහ හවුති කැරලිකරුවන් අතර සටන් විරාමය දීර්ඝ කිරීම බ්‍රහස්පතින්දා යේමනයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හාන්ස් ග්‍රන්ඩ්බර්ග් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

සෞදි ප්‍රමුඛ සන්ධානයක සහාය ඇතිව යේමන රජයේ හමුදා සහ හූතිවරුන් අතර ගැටුම ආරම්භ වූයේ 2015 දී කැරලිකරුවන් විසින් සානා අගනුවර අත්පත් කර ගැනීමෙන් මාස කිහිපයකට පසුවය.

මෙම ගැටුම යේමනයේ මානව ඛේදවාචකයක් බවට පත්ව ඇත. ඇස්තමේන්තුගත තොරතුරු පවසන ආකාරයට මෙම ගැටුම් මගින් සිවිල් වැසියන් 14,500 කට අධික සංඛ්‍යාවක් ඇතුළුව 150,000 කට අධික පිරිසක් මිය ගොස් ඇත. මෙහි තවත් එක් අඳුරු ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් යේමන වැසියන් ආහාර අර්බුදයක කොටස්කරුවන් බවට පත්කොට ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් දෙපාර්ශවය අත්සන් කළ සටන් විරාම ගිවිසුම අප්‍රේල් 2 වැනිදා සිට ක්‍රියාත්මක විය.

පසුගිය මාස දෙක තුළ රටේ ජනතාව සටන් විරාමයේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ අත්විඳ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ යේමනය පිළිබඳ විශේෂ නියෝජිත හාන්ස් ග්රන්ඩ්බර්ග් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සිවිල් වැසියන්ගේ ජීවිත හානි සැලකිය යුතු ලෙස අඩු වී ඇත,

හුඩයිඩා වරාය සක්‍රීය තත්ත්වයට පත්වෙමින් ඉන්දන බෙදාහැරිමේ කටයුතු සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත.

යේමනයේ හුඩයිඩා වරාය හරහා ඉන්ධන බෙදා හැරීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, වසර හයකට ආසන්න කාලයකට පසුව, සානාහි ප්‍රධාන ගුවන් තොටුපළේ වාණිජ ගුවන් මෙහෙයුම් කටයුතු හා ගුවන් මගීන්ට සේවා සැපයීම නැවත ආරම්භ වී ඇත

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්