ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඔස්ට්‍රියානු විදේශ කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් හමු විය. දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ ඉන්දු පැසිෆික් කලාපය හා ඇෆ්ගනිස්තානය පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක නිරත විය

යුරෝපීය සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරයේ පළමු අදියරේ දී ස්ලෝවැකියාවේ අගනුවර වන බ්‍රැටිස්ලාවා වෙත පැමිණියේය. ස්ලෝවැකියාව ට පැමිණීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසූයේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වීක සහයෝගීතාවයේ සමාලෝචනය කළ බවයි. එමෙන්ම යුක්රේනයේ පවතින අර්බුදකාරී තත්ත්වය හා ඇෆ්ගනිස්ථානයේ මානුෂීය අර්බුදය පිළිබඳ අවධානය යොමු කළ බවයි.

මීට පෙර ඔස්ට්‍රියානු විදේශ අමාත්‍යවරයා මාර්තු මස 19-21 කාලය තුළ ඉන්දියාවෙහි සංචාරයක නිරත වී තිබිණ. ම අවස්ථාවේදී ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දියාව සහ ඔස්ට්‍රියාව විදේශ කාර්යාල උපදේශනවල හයවන වටය ද පාහේ පවත්වා ඇති අතර දේශපාලන, ආර්ථික, වාණිජ සබඳතා මෙන්ම සංස්කෘතික හා ශාස්ත්‍රීය සබඳතා ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ පැතිකඩයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්